LankaWeb – බදියුද

LankaWeb – බදියුදීන්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රීට ඇමතිකමක්.. බැසිල් පොරොන්දු වූ බව කියයි..


Posted on July 18th, 2021
උපුටා
ගැන්ම ලංකා සී නිව්ස්
තමනට රාජ්‍ය ඇමති ධූරයක් ලැබීමට නියමිත බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම් මහතා සඳහන් කරයි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවේ ඇමතිධූර සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර ලබා දෙන බව පොරොන්දු වූ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධූරයේ දිවුරුම් දුන්නේ මෑතක දී නිසා ඔහු කියූ දේ ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසයි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදෙන ලද්දේ එම පදනම බව ද ඔහු සඳහන් කළේ ය.
අලි සබ්රි රහීම් මහතා නියෝජනය කරන්නේ රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයයි.
එම පක්‍ෂය පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කලේය.
Leave a Reply
 
 
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.

Related Keywords

Sri Lanka , , Development Committee , Sri Lankac News , Development Committee Chairman , Basil Rajapaksa , Sri Lanka Public , ஸ்ரீ லங்கா , வளர்ச்சி குழு , வளர்ச்சி குழு தலைவர் , துளசி ராஜபக்ஷ , ஸ்ரீ லங்கா பொது ,

© 2025 Vimarsana