LankaWeb – රුපියල

LankaWeb – රුපියල් මිලියන 36ක වියදමින් බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා පාසල සංවර්ධනය කෙරේ.


Posted on July 18th, 2021
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,
ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය
බදුල්ල
දිස්ත්‍රික්කයේ එකම ක්‍රීඩා පාසල වන වැලිමඩ මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා පාසලේ
කඩිනමින් සිදුවෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ඊයේ (17) දින අමාත්‍ය
නාමල් රාජපක්ෂ මහතා එක්විය.
රට
හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ක්‍රීඩාව තුළින් ශ්‍රී
ලංකාවට කීර්තියක් හිමි කරදෙමින් ජාත්‍යන්තරය ජයගත හැකි නිරෝගී යහපත් පුරවැසියන්
බිහිකිරීමේ අභිලාෂය පෙරදැරිව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් රට පුරා
වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.
එහි
මූලික පදනම වන පාසල් ක්‍රීඩාව නැංවීමේ අරමුණින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ
සංකල්පයක් මත ක්‍රියාත්මක ක්‍රීඩා පාසල් ශක්තිමත් කර පවත්වාගෙන යෑමේ සැලැස්ම අනුව
ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.
මෙම
ව්‍යාපෘතියට සමගාමීව අදාළ සංවර්ධන යෝජනා යටතේ ක්‍රීඩා පාසල්වල නේවාසිකාගාර,
වැසිකිලි පද්ධති, ක්‍රීඩා
පිටි හා ක්‍රීඩාගාරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදුවේ.
අමාත්‍ය
නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම හා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම්
ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ග්‍රාමීය හා
පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ මෙම
සංවර්ධන ව්‍යාපෘති දියත් කෙරේ.
2021
වසරේ සිට ඉදිරි වසර 06 ක පමණ සංවර්ධන සැළැස්මක් සහිතව මෙරට ක්‍රීඩා පාසල් ගොන්නට
තවත් ක්‍රීඩා පාසල් 05 ක්  සමගින් මෙම ක්‍රීඩා
යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ දිවයිනපුරා සංවර්ධනය වන ක්‍රීඩා පාසල් ගණන
30ක් වේ.

අනුව,  ක්‍රීඩා යටිතල පහසුකම්වලට අදාළ
සංවර්ධන යෝජනා යටතේ  වැලිමඩ මධ්‍ය විද්‍යාලයීය
ක්‍රීඩා පාසල කඩිනමින් සංවර්ධනය කෙරේ.
මෙම
ක්‍රීඩා පාසලේ නේවාසිකාගාරයේ හා අංගසම්පූර්ණ වැසිකිලි පද්ධතියේ වැඩ සම්පුර්ණයෙන්ම
අවසන්ව ඇති අතර,  ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරය
සංවර්ධනය වෙමින් පවතින බව මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීමේදී අමාත්‍යවරයාගේ
නිරීක්ෂණයට ලක්විය.
මේ
සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සිදුවන අතර, මෙම
ක්‍රීඩා පාසලේ සංවර්ධන කටයුතු සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 36කි.
මෙම
නිරීක්ෂණ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා සහ එම අමාත්‍යංශ ලේකම්
රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, බදුල්ල
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඇතුළු ප්‍රදේශයේ
දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු ඇතුළු නිලධාරීන්
පිරිසක් සහභාගි වූහ.
මාධ්‍ය
ඒකකය,
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,
ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය
Leave a Reply
 
 
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.

Related Keywords

Badulla , Southern , Sri Lanka , Namal Rajapakse Matheson , Development Badulla , Walimada School , Development Under Island , Office Place , Schoola Walimada , Badulla Development Committee , Badulla Walimada School , Namal Rajapakse , Badulla Secretary Office Place , பாடுள்ள , தெற்கு , ஸ்ரீ லங்கா , அலுவலகம் இடம் ,

© 2025 Vimarsana