comparemela.com
Home
Live Updates
නිසි තැන නැති කත : comparemela.com
නිසි තැන නැති කත
නිසි තැන නැති කත
Saturday, ජූලි 17, 2021 - 01:00
බිලිඳියක ලෙස මෙලොව එළිය දකින ඇය නම් කාන්තාවයි. රටක් තනන්නට පුතුන් බිහි කරනා උත්තරීතර ඇයට වර්තමානයේ පවතින ආර්ථිකය හමුවේ උරුමව ඇති ඉරණම සුබදායක නම් නොවේ.
මාතෘ මූලික සමාජයන් පැවති ශිෂ්ටාචාර අවධියේ මාතෘත්වයට දී තිබූ ගෞරවාන්විත බව අදටත් එලෙසින් පවතිනවාද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් බව මාගේ හැඟීමය. වර්තමානයෙහි පවතින ආර්ථික ක්‍රමය රටක යහපැවැත්මට නිසි ලෙසකින් හේතු නොවන්නේ යැයි කියන කියමනට බොහෝ දෙනකු එකඟ වනු නිසැකය. දිනෙන් දින සිදු වන ආර්ථික පිරිහීම හමුවේ සමාජ පරිහානියක් ද අඛණ්ඩව සිදු වෙමින් පවතී.
එසේ සිදු වන සමාජ පරිහානිය හමුවේ කාන්තාව නම් ඇයට අත්ව ඇති ඉරණම කෙබඳු විය හැකි ද?
කතකගේ රුව විඳීම වර්ණනා කිරීම ඉතා ඈත අතීතයේ පටන්ම සිදු වූවකි. සුන්දර පුෂ්පවලට, අහසේ දිදුලන තරුවලට, පුන් සඳට කාන්තාව උපමා කර කවි පදවැල් ගෙතුනේ ඒ නිසාවෙනි. සුන්දරත්වය සේම ඇයගේ දරා ගැනීමේ ශක්තිය තරම් තවත් ශක්තියක් මෙලොවෙහි තවත් ඇද්දැයි සිතිය නොහැකිය. එනම් මාතෘත්වය ලැබීමට විඳින්නා වූ වේදනාවය.
ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය තේ, පොල්, රබර් ලෙසින් අපි උගත්තෙමු. එය අදටත් එලෙසින්ම නොවන්නේය. කාන්තාවන් විදේශ රටවලට වහල් සේවයට යෙදවීම වර්තමාන අප රටෙහි ප්‍රධාන ආදායම් මාර්ගය ලෙසම හඳුනාගෙන උගත් බුද්ධිමත් වෘත්තීය පුහුණු ශ්‍රමිකයන් වෙනුවට වහල් සේවයට නොහොත් ගෘහ සේවිකාවන් ලෙසින් කාන්තාවන් වෙනත් රටවලට විකුණා දැමීම කෙතරම් ඛේදජනකද? එලෙස වෙනත් රටවල වහල් ශ්‍රමිකයන් වූ කාන්තාවන්ගේ කායික මානසික ප්‍රවණතාවක් ඇත්දැයි විමසා බැලීම විහිළුවට කරුණකි. මවුපියන්ගෙන් උදුරාගෙන ගොස් ප්‍රේමවන්තයාගෙන් උදුරාගෙන ගොස් සැමියාගෙන් දරුවන්ගෙන් උදුරාගෙන ගොස් මහ සයුරෙන් එපිටට වීසි කර දමා ඒමට තරම් මෙරටෙහි පාලනය නීච වී ඇති තරම අති මහත්ය. රට කාසි සොයා මවුබිමට ගොඩබසින ඇයට වහල් සේවය තුළින් ඉපයූ කාසි තබා තම සගයන්වත් සොයා ගන්නට නැත.
මල් කැකුළුවන් බාල වයස්කාර දැරියන් පවා විදේශ වහල් සේවයට විකිණීමට තරම්ම මෙය වර්ධනය වී තිබේ. මව්පිය සෙවණෙහි සිටිය යුතු දැරියන් එලෙස විකිණීමෙන් එම අහිංසකාවියන්ට ජීවිතවලින්ම වන්දි ගෙවීමට පවා සිදු වී ඇත. රිසානා හොඳම උදාහරණය වේ. සියුමැලි සුකුමල යැයි කියූ කතුන්ගේ ලෙයින්, රුධිරයෙන්, දහඩියෙන් යැපීම කෙතරම් පිළිකුල්සහගත වන්නේ ද? රජුන්ගේ මනදොළ සපුරන්නට නාට්‍යාංගනාවන් රජ සමයෙදී සිටි වග අතීත කතා පුවත්වලින් හෙළි වී ඇත. වර්තමානය වන විට තම පවුල රැක ගැනීමට, දරුවාට අධ්‍යාපනය දීමට නොහැකිව ශරීරය විකුණන කතුන් ග්‍රාමීය මට්ටමින් පවා දක්නට ලැබීමට සුලභ කරුණකි. වර්තමාන සමාජයෙහි ප්‍රධාන අල්ලසක් බවට ලිංගික අල්ලස පත් වී හමාරය. තම දරුවාව පාසලට ඇතුළත් කර ගැනීමට පාසලේ විදුහල්පතිවරයාට අධ්‍යාපන බලධාරීන්ට ලිංගික අල්ලස් දීමට සිදු වූ මවුවරු කෙතරම් නම් ඇත්ද?
උසස් අධ්‍යාපනය හදාරන තරුණ සිසුවියන් තම අධ්‍යාපන කටයුතු කරගැනීමට මුදල් නැතිව ගණිකා වෘත්තියෙහි යෙදෙමින් සිටිති. හිරිමල් යෞවනයට පිවිසෙමින් සිටින මෙම තරුණ සිසුවියන්ට අධ්‍යාපනය තුළින් අනාගතය සම්පූර්ණ කරගැනීම උදෙසා කය විකුණන්නට සිදු වී තිබේ.
අපමණ වෙහෙසක් දරා අධ්‍යාපනය හදාරා වෘත්තියක නියැළෙන්නට ගිය කල ඇයට අත්ව ඇති ඉරණම ද සලකා බැලීම රැකියාවකට අයදුම්පත් යොමු කිරීමේ පටන් උසස් තනතුරකට යෑම දක්වා ආයතන ප්‍රධානින් තුළින් ඇය කොපමණ වතාවක් පීඩාවට පත්වනවා විය හැකි ද?
එදිනෙදා ගමනෙ බිමනේදී පවා පුංචි මල් කැකුලේ සිට වයෝවෘද්ධ කාන්තාව දක්වා බොහෝ පිරිසකගේ වචන ඉඟි තුළින් පවා අපයෝජනයට ලක් වෙති.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්ට නිසි තැන ලබා දීම සහ ඔවුන්ගේ හඬ අවධි කිරීම අරමුණු කොටගෙන සියයට විසිපහක කාන්තා නියෝජනයක් ගෙනාවද එම ක්‍රියාදාමය තුළින්ම කාන්තාවගේ අයිතීන් නිසි ලෙස සැපරුණා යැයි සිතීම මුළාවකි.
ඕනෑම රටක සියල්ලෙහි පැවැත්ම රඳා පවතින්නේ ආර්ථිකය පදනම් කරගෙනය. පිරිහිණු ආර්ථිකයක් ඇති රටක යහපත් සමාජයක් කිසිසේත් ගොඩනැඟෙන්නේ නැත. එවන් සමාජයක කාන්තාවකට සම තැන තබා ගෞරවාන්විතව ලැබිය යුතු නිසි තැනවත් ලැබී ඇත්ද කියා විවරණය කර බැලීම කෙතරම් අගනේ ද?
කැලණිය විශ්වවිද්‍යාලය
Related Keywords
Netherlands
,
Kelaniya
,
Western
,
Sri Lanka
,
,
Her School
,
Supreme Her
,
Professional Training
,
நெதர்லாந்து
,
மேற்கு
,
ஸ்ரீ லங்கா
,
அவள் பள்ளி
,
ப்ரொஃபெஶநல் பயிற்சி
,
comparemela.com © 2020. All Rights Reserved.