comparemela.com


අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි බැහැදකියි
Posted on July 28th, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය
අංශය
ගරු අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ දී රාජගිරිය කලපළුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට
පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා
පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැ දුටුවේය.
අග්ගමහා පණ්ඩිත
දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන්ට පිරිකර පුජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
පළමුව උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියේය.
ශ්‍රී ලංකා
අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ
චන්ද්‍රසිරි නාහිමියෝ එහි දී කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.
ගරු අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම අපි ඉතා අගය කොට සළකනවා. ඔබතුමා මේ රටේ රාජ්‍ය
නායකයෙක් ලෙස සඳහන් කළ හැකි රටට විශාල වැඩ කොටසක් කළ නායකයෙක්. කොරෝනා වසංගත
තත්ත්වය සමඟ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය ලෙස අපි හොද අවබෝධයක
සිටිනවා. එවැනි පසුබිමක රජය ගෙන යන වැඩ පිළිවෙල ප්‍රසංසනීයයි.
විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා
බෞද්ධ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස සාමණේර හිමිවරුන්ගේ නිවාස අහිමි දුප්පත්
පවුල් වෙනුවෙන් කරගෙන යන නිවාස වැඩසටහන තවත් පුළුල්ව සිදුකිරීම කෙරෙහි අවධානය
යොමුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
පාසල් දරුවන්ගේ
අතපසු වූ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතුයි. ළමා
මෙහෙකාර සේවය හේතුවෙන් ඇතිවන අක්‍රමිකතා පිළිබඳව අද විවිධ පුවත් අසන්නට ලැබෙනවා.
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මේ රටට
වෙනස් නොවන ප්‍රතිපත්තියක් පැවතීම ඉතා අවශ්‍යයි.
ත්‍රිපිටක
සංරක්ෂණ පනත පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. ඒ සඳහා ඉදිරියේ දී
භික්ෂු මණ්ඩලයක් පත් කර ගැඹුරින් අධ්‍යයනය කර මතය ප්‍රකාශ කරන්න අප කටයුතු කරනවා
යැයි අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියෝ පැවසූහ.
මෙම අවස්ථාවට
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී වජිරවංශ පාර්ශවයේ අනුනායක
රුසියාවේ ප්‍රධාන සංඝ නායක මහාචාර්ය පුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමියන් ඇතුළු
මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
Leave a Reply
 
 
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.

Related Keywords

Rajagiriya ,Western ,Sri Lanka ,Russia ,Pandit Thera ,Lanka Amarapura ,Mahinda Rajapaksa Matheson ,Sangha Council ,Sri Lanka Amarapura ,New Supreme ,Ven Pandit Thera ,Hon Mahinda Rajapaksa ,Mahinda Rajapaksa ,Hon Mahinda Rajapaksa Matheson ,Novice Bhikkhu ,Ven Russia Sangha ,Professor Rathanasara ,மேற்கு ,ஸ்ரீ லங்கா ,ரஷ்யா ,லங்கா அமரபுரா ,சங்க சபை ,ஸ்ரீ லங்கா அமரபுரா ,புதியது உச்ச ,க .ரவ மஹிந்தா ராஜபக்ஷ ,மஹிந்தா ராஜபக்ஷ ,

© 2024 Vimarsana

comparemela.com © 2020. All Rights Reserved.