comparemela.com


Posted on July 20th, 2021
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද
දින ඊද් උල් අල්හා හෙවත්  හජ් උත්සවය සමරන ලොව
පුරා ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබපැතුම් එක් කරමි.
ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්තම්බ වලින්
එකක් වන්නේ හජ් වන්දනාවයි.
කායික හා ආර්ථිකමය වශයෙන් හැකියාවක් තිබෙන සෑම
ඉස්ලාම් බැතිමතෙක්ම සිය ආයු කාලය තුළ දී එක්වරක් හෝ හජ් වන්දනාවේ නිරතවිය යුතුබව
විශ්වාසයයි.
ලොවපුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම්
බැතිමතුන් එකම අරමුණක බැඳී එකම පූජා භූමියකට රැස් ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ
අගය ප්‍රාර්ථනා කරනුයේ හජ් වන්දනාව තුළිනි.
ඒ අනුව ගත් කළ සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට
සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් උත්සවය හැඳින්විය හැකිය.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂයේ මෙන්ම
මෙවරත් ඉස්ලාම් බැතිමතුන්ට මක්කම ගොස් හජ් වන්දනාවේ යෙදීමට ඇති ඉඩකඩ ඇහිරී තිබේ.
සාමය, සහෝදරත්වය සමානාත්මතාවය අගය කරන හජ් දින සුබ
ප්‍රාර්ථනාවන්ට එමගින් බාධාවක් නොවන බව මාගේ විශ්වාසයයි.
දේවස්ථානවල සාමූහිකව රැස්වී සිදුකරන සම්ප්‍රදායික
ආගමික කටයුතු මෙවර  සිදු නොකරන ලෙසට සෞඛ්‍ය
අංශ විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුගත වෙමින් කොවිඩ්-19 වසංගතය ලොවින් තුරන් කරන්නට
අප සැම එක්ව තිර අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය.
ඉස්ලාමීය මඟපෙන්වීම් ද නිසි අයුරින් අනුගමනය
කරමින් ලෝකවාසී ජනතාවම කෙටි කලක් ඇතුළත කොවිඩ් වසංගතයෙන් මුදා දෙන්නැයි අද වැනි
උතුම් දිනෙක අල්ලාහ් දෙවියන්ගෙන් අයැද සිටිමු.
ඔබගේ සියලු යහක්‍රියා අල්ලාහ් දෙවියන් විසින්
පිළිගනිත්වා යන්න අපගේ ද ප්‍රාර්ථනයයි.
විවිධ ජාතීන් අතර සුහඳත්වය සහ සංහිදියාව සිහිපත්කරන
හජ් උත්සවයේ පරමාර්ථ යථාර්ථයක් බවට පත්වන, ප්‍රීතිමත් ඊද් උල් අල්හා උත්සවයක් වේවා! යැයි
සහෝදර ඉස්ලාම් බැතිමතුන් සියලුදෙනාට මම සුබ ප්‍රාර්ථනා කරමි.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
Leave a Reply
 
 
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.

Related Keywords

, Mahinda Rajapaksa Sri Lanka , Islam Her ,

© 2024 Vimarsana

comparemela.com © 2020. All Rights Reserved.